Skip to main content

Posts

Showing posts from February, 2019

ආනාපාන සති භාවනාව මුල සිට

                   ආනාපාන සති භාවනාව   මුල සිට අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහ නා හිමි විසිනි භාවනා ක්‍රම දෙකකි. ශමථ භාවනා විදර්ශනා භාවනා වශයෙනි. ශමථ භාවනාවෙන් සිතේ එකඟ බව සංසුන් බව වැඩෙයි. කෙලෙස් යටපත්වෙයි. සමහර ශමථ භාවනාවෙකින් උපචාර සමාධි අවස්ථාව තෙක් ද, සමහරෙකින් රූපාවචර අර්පණා සමාධි තෙක්ද, සමහරෙකින් අරූපාවචර සමාධි අවසන් කොට ද සිතේ එකඟ බව වැඩෙයි. විදර්ශනා භාවනාවෙන් ලොව යථා තත්ත්වයට දක්නා නුවණ වැඩෙයි. කෙලෙස් තුනී වෙවී ගොස් සෝතාපත්ති ආදි මාර්ග ඵල අවස්ථාවලට සිත වැඩේ. අවසානේ සියලු කෙලෙස් නසා රහත් බවට පැමිණෙයි. ආවරණ තුන භාවනාවෙන් උසස් ඵල ලැබිය හැක්කේ කර්මාවරණ, විපාකාවරණ, ක්ලේශාවරණ යන තුන් බාධකවලින් මිදුණු සැදැහැවත් නුවණැති උත්සහවන්තයා විසිනි. • විපාකාවරණ යනු ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් නොලත් බවය. ද්විහේතුක හෝ අහේතුක ප්‍රතිසන්ධියෙකින් උපත ලත් අයට මෙ අත් බව්හි දී ධ්‍යාන, මාර්ග ඵල කිසිත් ලැබිය නොහැකිය. • ක්ලේශාවරණයෙන් යුක්තයෝ නම් නියත මිථ්‍යාදෘෂ්ඨිකයෝත්, උභතෝව්‍යංජනකයෝත්, නපුංසකයෝත් ය. භාවනා වඩනු කැමැත්තහු විසින් පළමු කොට ...